ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් USS Fitzgerald (යූ එස් එස් ෆිට්ස්ජෙරල්ඩ්) නෞකාව, සැපයුම් සහ සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.
දිගින් මීටර් 154 ක් වන මෙම නෞකාව ඊයේ (ඔක්තෝබර් 03) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
නෞකාවේ අණදෙන නිලධාරීවරයා වන්නේ කමාණ්ඩර් පෝල් රිචඩ්සන් (Commander Paul Richardson) ය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකාවට නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමක් සිදු කර ඇත.
අවශ්‍ය සියලු කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව USS Fitzgerald නෞකාව මෙරටින් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.