2025 ජූනි 21 සෙනසුරාදා, 17:12
නවතම පුවත්

UNDP සහකාර මහලේකම් කන්නි විග්නරාජා ජනපති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී ඇත. 

අද (14) දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදුව තිබුණි.

ඒ පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරුණු අතර “බහුමාන අවදානම් තත්ත්වයන් අවබෝධ කරගැනීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති බලපෑම” මැයෙන් සකස් කරන ලද වාර්තාවක් ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළ අතර,

එම වාර්තාව මත පදනම්ව ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පුර්ණ සහාය ලබාදෙන බවට ද නියෝජිතවරිය සහතික වී තිබේ.

මෙරට ආර්ථිකය තුළ කාන්තා සහභාගිත්වය පහළ මට්ටමක පැවතීම පිළිබඳව ද මෙම හමුවේ දී විශේෂ සාකච්ඡාවට ලක් විය.  

ග්‍රාමීය කාන්තාවන් ආර්ථික කටයුතුවලට සම්බන්ධ වීම සීමාකිරීම, මූල්‍ය ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු තරම් අභියෝගවලට මුහුණපෑමට හේතු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දී තිබේ.  

එසේම කෘෂිකාර්මික අංශය ජාතික ආර්ථිකයේ අඩු නියෝජනයක් පෙන්නුම් කිරීමද ඊට හේතුවකි.

ආසියානු කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාව දුර්වල මට්ටමක පැවතීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර එහිදී ජනාධිපතිවරයා පැහැදිලි කළේ, කෘෂිකාර්මික කටයුතු සඳහා බොහෝ ගොවීන්ට ඇති ඉඩම් කුඩා ප්‍රමාණයක් බවත්, ගොවිතැන ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස නොසලකන බවත්ය. 

මෙම ගැටලුව විසඳීම සඳහා, කේවල් කිරීමේ හැකියාව සහ කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කිරීමට උපකාරී වන ගොවි සංගම් ශක්තිමත් කිරීමට රජයේ සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ලබාදීමට මෙහිදී කැමැත්ත පළ කළ සහකාර මහලේකම්වරිය ඩිජිටල්කරණය දූෂණය අවම කිරීම සඳහා තීරණාත්මක මෙවලමක් ලෙස යොදා ගත හැකි බව ද පෙන්වා දුන්නාය.

මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එවැනි ප්‍රතිසංස්කරණ මඟින් සියලු වාර්ගික සහ ආගමික ප්‍රජාවන් ඇතුළත් නියෝජනයක් සහතික කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. 

ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ එම ක්ෂේත්‍රයේ පොලී අනුපාත අසාධාරණ බවය.

කාන්තාවන් වැඩි වශයෙන් සම්බන්ධ කර ගනිමින් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයට සහාය දැක්වීම සඳහා නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමටත්, ප්‍රාග්ධනය සුරක්ෂිත කිරීම සඳහා කාන්තා ව්‍යවසායකයින් විසින් ඉදිරිපත් කරන හොඳම යෝජනා සඳහා භාණ්ඩාගාර ඇපකර ලබා දීමටත් රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රජයේ නව ප්‍රතිසංස්කරණ, දූෂණ විරෝධී ප්‍රයත්නයන් සහ ආර්ථිකය හා පාර්ලිමේන්තුව යන දෙඅංශය තුළම කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම යන කාර්යයන් සඳහා සහාය දැක්වීමේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කැපවීම මෙම සාකච්ඡවේ දී යළි තහවුරු කෙරිණි.

නවතම පුවත්

web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...

උණුසුම් පුවත්

web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories