2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:21
නවතම පුවත්

ගංවතුරෙන් එළවළු වගාවට මරු පහරක්: උඩරට වගාවෙන් 42%ක් විනාශයි

දිවයිනට බලපෑ දරුණු ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට එළවළු වගාවට දැඩි හානි සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. නවතම දත්ත වාර්තාවලට අනුව උඩරට එළවළු වගාවෙන් සියයට 42ක් සහ පහතරට එළවළු වගාවෙන් සියයට 37ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා සඳහන් කළේ වගා බිම් ජලයෙන් යටවීම නිසා එළවළු වගාවට අමතරව ගොවීන් සතු ජල පොම්ප, නළ පද්ධති සහ හතු තවාන් රැසකට ද විශාල හානි සිදුව ඇති බවයි.

මෙවර මහ කන්නයේ වී වගාව පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ සැලසුම් කළ හෙක්ටයාර් ලක්ෂ අටකට අධික භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර් 68,000ක පමණ වපසරියක වී වගාව යළි ආරම්භ කිරීමට නොහැකි වනු ඇති බවයි. කෙසේ වෙතත් මෙවර වගා ඉලක්කයන් ඉහළ මට්ටමක පැවැති බැවින් වගා හානි සිදු වුවද රටේ වී අස්වැන්න පිළිබඳ බරපතළ ගැටලුවක් මතු නොවන බව ඔහු සහතික කළේය. එහෙත් ගොවීන් සිය පෞද්ගලික පරිභෝජනය සඳහා ගබඩා කර තිබූ වී තොග රැසක් ගංවතුරට හසුවීම හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

වගා හානි හේතුවෙන් ඉදිරි ජනවාරි මාසය වන විට එළවළු මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මෙම තත්ත්වයට පිළියමක් ලෙස කෙටිකාලීන භෝග වගා කිරීම සඳහා ගෙවතු ලක්ෂයක ව්‍යාපෘතියක් මේ වන විටත් ආරම්භ කර ඇත. පර්චස් 20ක් වැනි කුඩා ඉඩම් හිමියන්ට පවා බණ්ඩක්කා, තම්පලා, රාබු සහ පලා වර්ග වගා කිරීම සඳහා අවශ්‍ය බීජ කට්ටල බෙදා හැරීම දැනටමත් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

බඩඉරිඟු, මුං, කව්පි සහ අර්තාපල් වැනි අතිරේක භෝග වගාවන්ට ද ආපදා තත්ත්වයෙන් සියයට 34ක පමණ හානියක් සිදුව තිබේ. මෙරටට අවශ්‍ය ප්‍රමාණයට නිපදවාගත නොහැකි භෝග පවතී නම්, දේශීය ගොවියාට අසාධාරණයක් නොවන පරිදි බදු සංශෝධන යටතේ ඒවා ආනයනය කිරීමට රජයට සිදුවනු ඇත. මේ අතර, ආපදාවෙන් හානියට පත් ජල පොම්ප සහ අනෙකුත් උපකරණ සඳහා අයවැය ප්‍රතිපාදන යටතේ වන්දි ලබාදීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories