ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන විලාසය සහ ප්‍රතිපත්තිවලට එරෙහිව එක්සත් ජනපදය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිව්යෝර්ක්, වොෂින්ටන්, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් වැනි ප්‍රධාන ප්‍රාන්ත රැසක මෙම විරෝධතා මේ වන විට පැවැත්වෙමින් පවතී.
විරෝධතාකරුවන් චෝදනා කරන්නේ ජනාධිපති ට්‍රම්ප් සිය රාජ්‍ය පාලනය මෙහෙයවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර ආකාරයට බවයි.
ජනාධිපතිවරයාගේ විදේශ හා වෙළඳ ප්‍රතිපත්ති දැනටමත් එරට විවිධ පාර්ශ්වයන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති අවස්ථාවක මෙම විරෝධතා ආරම්භ වීම එරට දේශපාලන තත්ත්වය වඩාත් උණුසුම් කර තිබේ.