තායිලන්තය සහ කාම්බෝජය අතර යුද්ධය අද සවස සිට අවසන් කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවද, තායිලන්තය අද (දෙසැම්බර් 13) දිනයේ ද කාම්බෝජයට ප්‍රහාරයක් එල්ලකර ඇත.
තමන් සටන් විරාමයකට මැදිහත් වූ බවට ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසු ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් ඉලක්ක වෙත තායිලන්තය මෙම ප්‍රහාර එල්ලකර තිබේ.
“අපේ භූමියට සහ ජනතාවට තවදුරටත් හානියක් සහ තර්ජන දැනෙන්නේ නැති බව හැඟෙන තුරු හමුදා ක්‍රියාමාර්ග දිගටම කරගෙන යනවා” යැයි තායිලන්ත අගමැති අනුටින් චාන්විරකුල් පවසයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන Truth Social හි සටහනක් තබමින් පවසා සිටියේ, දෙරට අතර යුදමය තත්ත්වය ‘අද සවස සිට බලපැවැත්වෙන පරිදි’ අවසන් කරන බවය. එසේ නමුත් එම ප්‍රකාශයට තායිලන්ත අගමැති මෙන්ම කාම්බෝජ අගමැති හුන් මැනට් නිල ප්‍රකාශයක් නිකුත් කර නොතිබුණි.