අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රංශයෙන් ආනයනය කරනු ලබන වයින් සහ ෂැම්පේන් සඳහා 200%ක දැවැන්ත තීරුබදු පනවන බවට තර්ජනය කර තිබේ. මෙම තීරණයට මූලික හේතුව වී ඇත්තේ ගෝලීය ගැටුම් විසඳීම සඳහා ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති “සාම මණ්ඩලයට” සහාය දෙන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්ගෙන් කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීමට සැරසෙන බවට වාර්තා වීමයි.
ප්‍රංශ ජනාධිපතිවරයා තම යෝජනාවට සහාය දැක්වීම ප්‍රතික්ෂේප කරන බව සැලවීමත් සමඟ, ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම ආර්ථික බලපෑම් එල්ල කිරීමේ උපක්‍රමය භාවිතා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ලබා ගැනීම සඳහා ආර්ථිකමය පීඩනය යෙදවීමේ උත්සාහයක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.