ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරන් අද (ජූලි 29) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
ලෝකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා පැවසුවේ, සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් අවස්ථා ගණනාවකදී දැනුවත් කළද මෙතෙක් කිසිදු ස්ථිර විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම වර්ජනයට එළඹුණු බවයි.
ඊයේ (ජූලි 28) දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ සාකච්ඡා කළ ද එහිදීද පිළිගත හැකි විසඳුමකට පැමිණීමට නොහැකි වූ බව චන්දන වියන්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇති විය හැකි බැවින්, මගීන්ට විකල්ප ප්‍රවාහන ක්‍රම සලසා ගන්නා ලෙස දැනුම් දෙනු ලැබේ.