ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර ආසන්නයේදී සිදු වූ දරුණු මගී දුම්රිය අනතුරකින් දුම්රිය රියදුරෙකු මිය ගොස් තවත් පුද්ගලයන් 37 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි, දුම්රිය පීලි පැනීමෙන් අනතුරුව අසල පිහිටි තාප්පයක ගැටීමෙන් මෙම බිහිසුණු විපත්තිය සිදුව ඇත.
අනතුරින් මියගිය මගීන් සංඛ්‍යාව පිළිබඳව මෙතෙක් නිශ්චිත තක්සේරුවක් ඉදිරිපත් වී නොමැති වුවද, සහන සේවා කණ්ඩායම් දුම්රිය තුළ සිරවී සිටි මගීන් බේරා ගැනීමට කඩිනම් පියවර ගෙන තිබේ. ඊසානදිග ස්පාඤ්ඤයට බලපා ඇති දැඩි හිම කුණාටු සහිත අයහපත් කාලගුණය මෙම අනතුරට ප්‍රධාන හේතුවක් වී ඇති බව ද වාර්තා වේ.