2026 මාර්තු 24 අඟහරුවාදා, 16:10
නවතම පුවත්

TikTok ක්‍රියාවිරහිත වෙයි

මිලියන 170 ක පරිශීලකයින් කනස්සල්ලට පත් කරමින් ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ අමෙරිකාව සිය රට තුළ TikTok යෙදවුම ක්‍රියාවිරහිත කර තිබේ.

අධිකරණය විසින් ලබාදුන් නියෝගය පරිදි අද (19) දිනයේ සිට TikTok යෙදවුම අමෙරිකාවේ භාවිතය තහනම් කිරීමට නියමිතයව තිබුණ ද ඊයේ (18) පස්වරුවේ සිටම Apple සහ google App store වලින් TikTok යෙදවුම් ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව ක්‍රියා විරහිත වූ TikTok යෙදවුමේ දැන්වීමක් පළ කරමින් සිට අමෙරිකානු පරිශීලකයින්ට පවසා ඇත්තේ,

“එක්සත් ජනපදයේ ටික්ටොක් තහනම් කිරීමේ නීතියක් පනවා ඇත. ඒ අනුව අවාසනාත්මක ලෙස ඔබට දැනට TikTok භාවිතා කළ නොහැකි. ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු TikTok නැවත ස්ථාපිත කිරීම සඳහා විසඳුමක් සම්බන්ධයෙන් අප සමඟ කටයුතු කරන බව පවසා තිබීම වාසනාවක්. එබැවින් කරුණාකර අප සමඟ රැඳී සිටින්න” යනුවෙනි.

ලොවපුරා අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන TikTok යෙදවුම චීනයේ ‘බයිට් ඩාන්ස්’ නම් තාක්ෂණික සමාගමට අයත් වේ.

ඒ අනුව, වීඩියෝ සංස්කරණ යෙදුමක් වන Capcut සහ Lemon8 යන යෙදවුම් ඇතුළුව බයිට් ඩාන්ස් සතු අනෙකුත් යෙදුම් ද සෙනසුරාදා පස්වරුව වන විට අමෙරිකාව සතු වන App store වලින් බාගත කිරීමට නොහැකි වු බව සඳහන් වේ.

අමෙරිකාව විසින් TikTok යෙදවුම හිමි බයිට් ඩාන්ස් නම් චීන සමාගමට නියෝග කළේ TikTok යෙදවුම අමෙරිකානුවෙකු වෙත අලෙවි කරන ලෙසත් නැතිනම් 2025 වසරේ ජනවාරි 19 වනදා සිට එම යෙදවුම අමෙරිකාව තුළ තහනම් කරන ලෙසත් ය.

එම සමාගම අදාළ නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව පසුගියදා තහවුරු කර කළේය.

මිලියන ගණනක් වූ අමෙරිකානු TikTok පරිශීලකයන් සහ අන්තර්ගත නිර්මාණකරුවන් මෙම නියෝගය පිළිබඳ සිය කනස්සල්ල පළකර තිබුණි.

කෙසේ වෙතත්, ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම ට්‍රම්ප් පාලනයට භාරවනු ඇති බවටය.

අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම නියෝගය සම්බන්ධයෙන් පවසා ඇත්තේ ටික්ටොක් යෙදවුම පිළිබඳ තීරණය තමා ඉදිරියේදී දැනුම් දෙන බවය.

අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (20) දිනයේ දිවුරුම් දීමට නියමිතව ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories