වයඹ පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂකත්වය තමන්ට ලබා දෙන ලෙස පක්ෂයෙන් ඉල්ලීමක් සිදුකළ බව සමගි ජනබලවේගයේ (සජබ) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසීය.
අද (ඔක්තෝබර් 15) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, සමගි ජනබලවේගයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් කිසිවෙකු මහ ඇමැති ධුරය සඳහා තරඟ කරන්නේ නැතිනම්, තමන් ඒ සඳහා සූදානම් බවය.
ඊට අමතරව, කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.