ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන නොවැම්බර් මාසයේ පාකිස්තානයේදී පැවැත්වෙන එක්දින තරගාවලියක් සහ විස්සයි විස්ස තුන්කොන් තරගාවලියකට සහභාගීවීමට නියමිතය. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය නොවැම්බර් 11 වැනිදා ආරම්භ වන අතර, නොවැම්බර් 19 වැනිදා සිට විස්සයි විස්ස තුන්කොන් තරගාවලිය ක්‍රියාත්මක වේ.
පාකිස්තානු ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙම විස්සයි විස්ස තුන්කොන් තරගාවලියට ශ්‍රී ලංකාව හා පස්කිතානයට අමතරව ඇෆ්ගනිස්තානය ද සහභාගී වේ. තරග සියල්ල රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගරවල දී පැවැත්වීමට නියමිත අතර, එක්දින තරග තුනම සහ තුන්කොන් තරගාවලියේ පළමු තරගය රාවල්පිණ්ඩිහි දී පැවැත්වේ. ඉතිරි තරග සියල්ල ලාහෝර්හි දී පැවැත්වෙන අතර, අවසන් මහ තරගය නොවැම්බර් 29 වැනිදා ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පවැත්වීමට නියමිත ය.