හෝමාගම මුලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ව්‍යාපාරිකා තිලිණි ප්‍රියමාලීට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය ජුනි 16 වන දින හෝමාගම අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදීයි. එහිදී අධිකරණයේ රාජකාරියේ නිරතව සිටි සිතාසි බෙදා දෙන්නෙකු ඇයට සිතාසියක් ලබාදීමට යාමේදී, අයුතු අවහිරය, සාපරාධී බිය ගැන්වීම, රාජකාරියට බාධා කිරීම සහ සිතාසි නිකුත් කරන්නාගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුන්දර මහත්මිය පසුගිය ජූලි 14 වන දින නියෝගයක් නිකුත් කරමින්, ජූලි 15 වන දින හෝමාගම මුලස්ථාන පොලීසියට පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස තිලිණි ප්‍රියමාලීට නියෝග කර තිබුණා. ඒ අනුව, ඇය ප්‍රකාශයක් ලබාදීමට පොලිස් මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඇය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, හෝමාගම නීතිඥ සංගමයේ සියලුම නීතිඥයින් ඇයට එරෙහිව පෙනී සිටි බව වාර්තා වේ.