මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කළ දෙමළ ජාතික සන්ධානයේ (TNA) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තන්මන්පිල්ලෙයි කනගසබායි මහතා ඊයේ (19) අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 86 වන වියේ පසු විය.
කනගසබායි මහතා මඩකලපුවේ කළුතවලෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකි.
2004 මහ මැතිවරණයේදී මඩකලපුව දිස්ත්‍රික්කයෙන් දෙමළ ජාතික සන්ධානය (TNA) නියෝජනය කරමින් තරග කරන ලද ඔහු, පාර්ලිමේන්තුවට තේරී පත් වීමේදී වැඩිම මනාප ලබා ගත්තේය.
අවමංගල්‍ය කටයුතු පිළිබඳ තොරතුරු නියමිත වේලාවට ප්‍රකාශයට පත් කරන බව ද පවුලේ ආරංචි මාර්ග පවසයි.