තණමල්විල ප්‍රදේශයේ පාසල් සිසුන්ට විදේශයේ සිට ආනයනය කළ දුම්වැටි විකුණා ඇතැයි සැකපිට ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විවිධ රසයන්ගෙන් සමන්විත මෙම දුම්වැටි, ව්‍යාපාරිකයා විසින් පාසල් සිසුවෙකුට ලබා දී තිබුණ අතර, ඒ දුම්වැටියක් රු. 100කට ලබාගෙන ඔහු පාසල තුළ රු. 200කට විකිණූ බව අනාවරණය වී ඇත.
එම සිසුවාගේ ක්‍රියාකාරකම් පිළිබඳව වෙනත් සිසුවෙකු විදුහල්පතිට දැනුම් දීමෙන් පසු සිසුවා ගෙන්වා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ විදේශීය දුම්වැටි දෙකක් හමුවූ බවත් පොලිසිය කියා සිටියේ ය.
පසුව සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී පොලීසිය අදාළ ව්‍යාපාරික ස්ථානය වටලා, සම්පූර්ණයෙන් දුම්වැටි 690ක් සහ දුම්වැටි විකුණා උපයාගත් රු. 360,000ක් භාරයට ගෙන ඇත.
අදාළ සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බව තණමල්විල පොලීසිය පවසයි.