තලවකැලේ තැපැල් කාර්යාලය අසල පිහිටි තොග සහ සිල්ලර වෙළෙඳසැළක අද (නොවැම්බර් 09) දහවල් හටගත් ගින්න, අවට වෙළෙඳසැල්වලට පැතිර යෑමට පෙර තලවකැලේ පොලීසියේ නිලධාරීන් සහ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව එක්ව පාලනය කර තිබේ.
දහවල් 12:00ට පමණ මෙම වෙළෙඳසැළේ මුළුතැන්ගෙයි ගෑස් කාන්දුවක් ඇතිවීම ගින්නට හේතුව වී ඇත. වෙළෙඳසැල් හිමියා ගෑස් කාන්දුව නවතා දැමීමට උත්සාහ කළද, ගින්න වෙළෙඳසැළ තුළ පැතිර ගොස් තිබේ.
පැතිර යමින් තිබූ ගින්න සෙසු වෙළෙඳසැල්වලට ව්‍යාප්ත වීම දැඩි පරිශ්‍රමයක් යොදා වළක්වා ගැනීමට හැකි වූ බව වාර්තා වේ. ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට මූලික පරීක්ෂණ පවත්වන තලවකැලේ පොලීසිය පවසයි.
ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.