Telegram ප්‍රධාන විධායක, පවෙල් ඩුරොව් (Pavel Durov) ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, පැරිසියට උතුරින් පිහිටි ගුවන් තොටුපළකදී යි.
ප්‍රංශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඔහුගේ පෞද්ගලික ජෙට් යානය Le Bourget ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් පසු රඳවාගෙන සිටි බවයි.
39 හැවිරිදි පවෙල් ඩුරොව් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, Telegram සම්බන්ධ වැරදි පිළිබඳ වරෙන්තුවක් යටතේ බව සඳහන්.
Telegram රුසියාව, යුක්රේනය සහ පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල විශේෂයෙන් ම ජනප්‍රිය යෙදවුමකි.
පරිශීලක දත්ත ලබාදීම ඩුරොව් විසින් මීට පෙර ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, 2018 දී මෙම යෙදුම රුසියාවේ තහනම් කරන ලදී.
නමුත් 2021 දී තහනම නැවත හැරවීය.
Facebook, YouTube, WhatsApp, Instagram, TikTok සහ Wechat වලට පසුව Telegram ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකාවක් ලෙස ශ්‍රේණිගත කර ඇත.
ඩුරොව් 2013 දී Telegram ආරම්භ කළ අතර ඔහු 2014 දී රුසියාව හැර ගියේ ඔහු විසින් රජයේ ඉල්ලීම්වලට අනුකූල වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි