සරල කරන ලද වැට් බදු ක්‍රමය (SVAT) අද (ඔක්තෝබර් 01, බදාදා) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර තිබේ.
මෙරට ප්‍රධාන අපනයනකරුවන්ගේ සංගම් විසින් මෙම තීරණය කල් දමන ලෙස රජයෙන් ඉල්ලා තිබියදී මෙම අහෝසි කිරීම සිදුවීම විශේෂත්වයකි.
SVAT ක්‍රමය අහෝසි කිරීමත් සමග වැට් ප්‍රතිපූර්ණ (VAT Refund) ක්‍රියාවලිය නිසි පරිදි විධිමත් කර නොමැති බවත්, එයින් අපනයනකරුවන්ට ගැටලු රැසක් මතුවිය හැකි බවත් අපනයනකරුවන් මීට පෙර පෙන්වා දී තිබිණි.
මේ අතර, 2024 – 2025 ආදායම් වර්ෂවලට අදාළ සංස්ථාපිත සහ පුද්ගල ආදායම් බදුවල අවසන් වාරිකය ගෙවීම සඳහා ලබා දී තිබූ කාලය ඊයේ (සැප්තැම්බර් 30) දිනයෙන් අවසන් විය.