බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ශ්‍රී ලංකා – බංග්ලාදේශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්ව තිබේ.
එහිදී නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා එම සංගමයේ ලේකම්වරයා ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා භාණ්ඩාගාරික ලෙසත් තේරී පත් විය.
මෙම නිලවරණ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියාස් මහතා ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.