පසුගිය සතියේ කල්මේගි සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ පිලිපීනයට අද (නොවැම්බර් 09) තවත් ප්‍රබල සුළි කුණාටුවක් ඇතුළු වීමට නියමිතව තිබේ.
‘ෆුන්ග් වොන්ග්’ නම් මෙම සුළි කුණාටුව අද රාත්‍රියේ එරට අවුරෝරා පළාතෙන් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි වාර්තා වේ.
පිලිපීනයට ආසන්න සාගර කලාපයේ වර්ධනය වෙමින් පවතින ෆුන්ග් වොන්ග් සුළි කුණාටුව හේතුවෙන් මේ වන විටත් එරට නැගෙනහිර දිග පළාත් කිහිපයක තද සුළං සහ වැසි හටගෙන ඇත.
මීට පෙර ඇති වූ කල්මේගි සුළි කුණාටුවෙන් පිලිපීනය තුළ 188 දෙනෙකු මියගිය අතර 135 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටී. එමෙන්ම, මේ වන විටත් අවතැන්ව සිටින පිරිස ලක්ෂයකට අධික බව වාර්තා වේ.