2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 23:52
නවතම පුවත්

STF ආරක්ෂාව ඇතිව කොළඹ වැලිගම හදන ඊශ්‍රයාල ආගමික මධ්‍යස්ථාන මොනව ද? – මුජිබර් පාර්ලිමේන්තුවේදී අසයි!

කිසිම ඊශ්‍රයාල ජාතිකයෙකුට ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රජය අවසර ලබා දී නැති බව අගමැතිනි හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

ඇය ඒ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් විසින් රට තුළ ඉදිවන ඊශ‍්‍රයාල ආගමික මධ්‍යස්ථාන සම්බන්ධව කළ ප්‍රශ්න කිරීමකට පිළිතුර ලබා දෙමිනි.

මන්ත්‍රීවරයා කීවේ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව වැලිගම, දෙහිවල අල්විස් පෙදෙස, චිත්තප්ලම් ගාර්ඩිනන් මාවතේ සිනමන් රෙඩ් ගොඩනැගිල්ල ඉදිරිපිට ඊශ්‍රයාල ආගමික මධ්‍යස්ථාන යුද හමුදාවේ සහ විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහිතව ඉදිකරන බවය. එමෙන්ම වැලිගම ඊශ්‍රයාල ආගමික මධ්‍යස්ථානය ඉදිවන්නේ මුස්ලිම් ජනතාව ජීවත්වන ප්‍රදේශයක බව ද ඔහු පෙන්වා දුන්නේය.

දෙහිවල අල්විස් පෙදේසේ මෙම ආගමික මධ්‍යස්ථානය ඉදිවන තැන ඉදිරියෙන් ගමන් කළ සරසවි සිසුවෙක් අත්අඩංගුවට ගෙන අනතුරුව බේරා ගැනීමට සිදුවූයේ උසාවියෙන් බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

එකම යුදෙව් ජාතිකයෙක් හෝ ජීවත් නොවන ලංකාව තුළ මෙවැනි ආගමික මධ්‍යස්ථාන පිහිටුවීම නැති ප්‍රශ්න ඇති කරගැනීමක් බවත් මොසාඩ් වැනි සංවිධාන දිවයිනේ පැලපදියම් වීමට උත්සාහ කරන්නේ නම් එය ජාතික ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක් වීම නොවැලැක්විය හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories