බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනිය , සුමේදා ජයවීර ඇය පෙර රැකියාව සිදු කළ ශාන්ත පවුලු බාලිකා විද්‍යාලයේදී සිදු කළ වංචා දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් දැඩි විවේචන සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා රැසක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය වී තිබේ. එම ගැටලුව සහ එම ගැටලුව හේතුවෙන් මේ වන විට එම විදුහල්පතිනිය ක්‍රියා කරන ආකාරය පිළිබඳව දුල්ෂි සාවින්ද්‍යා නම් අයෙක් මෙලෙස සටහන් එක් කොට තිබුණේ සිය ෆේස්බුක් ගිණුම හරහාය .
එම සටහනට අනුව,
සුමේධා ජයවීර රුපියල් ලක්ෂ 31 ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ජාතික විගණන (National Audit) පරීක්ෂණයක් මඟ හැර සිටින බවට චෝදනා එල්ල වේ. මේ සම්බන්ධ ඊළඟ නඩු වාරය 2026 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත බව පැවසේ.
එසේම පසුගිය කාල සීමාව තුළ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ විභාග වූ නඩුවකින් ඇය පරාජයට පත්ව ඇති බවත්, ගුරුවරියක බලහත්කාරයෙන් රඳවා තබා පීඩා කිරීම සම්බන්ධයෙන් ඇය වැරදිකරු වී ඇති බවත් එම සටහනේ සඳහන් වේ.
මේ අතරේ අදාළ විදුහල්පතිනිය තමන්ට එල්ල වී ඇති චෝදනා සියල්ල වසන් කරමින් විවිධ පාර්ශ්වයන් ලවා තමන් නිර්දෝෂී බව පෙන්වීමට උත්සාහ කරන බවද ඇය තම සටහනේ දක්වා තිබිණි ඒ අනුව පාසල් සංවර්ධන සමීතිය රැස්කරවා අනුකම්පාව දිනා ගැනීමට කටයුතු කරමින් ද , දෙමාපියන්ට පාසල් රැස්වීම්වලදී හඬා වැටෙමින් ආයාචනා කරමින්ද විදුහල්පතිනිය තමන් නිර්දෝෂී බව පෙන්වීමට උත්සාහ කරන බවට එම සටහන මගින් අනාවරණය කරයි.
ආදි ශිෂ්‍ය සංගමයටද විවිධ බලපෑම් කරමින් සමාජ මාධ්‍ය හරහා ඇය නිර්දෝෂී බව ප්‍රචාරය කරමින්, ඉදිරි වසරවල දරුවන් ඇතුළත් කිරීමට සිටින දෙමාපියන් ලවා අමාත්‍යාංශයට බලපෑම් කිරීමට කටයුතු කරන බවද එම සටහනේ සඳහන් .
එසේම දරුවන් පාසල් ඇතුළත් කිරීම් වලදී සිදුවූ බව කියන අක්‍රමිකතාවයක්ද ඇය සිය සටහනේ සඳහන් කොට තිබුණේ මෙලෙසිනි .
ඇය සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට මාරු වී ගිය පසු, පෙර පාසලේදී තමන්ට සහය දැක්වූ පාසල් සංවර්ධන සමිති සාමාජිකයෙකුගේ දියණියක නීති විරෝධී ප්‍රොටෝකෝල (protocols) හරහා අදාළ පාසලට ඇතුළත් කරගෙන ඇති බවටද බරපතල චෝදනාවක් මෙහි ඇතුළත් වේ.
” අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් හොයලා බලන්න, මේ විදුහල්පතිනිය සිරිමාවෝ එකට මාරු වීම අරන් මාස 2ක් වගේ කාලයකදී, මගේ පාසලේ ඉගෙනුම ලබපු දියණියක් සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට ගන්නවා (ගත්ත protocols හොයලා බලන්න) මේ දියණියගේ පියා නලින් තමයි මම ඉගැනුම ලැබූ පාසලේ මේ විදුහල්පතිනිය යටතේ 1ශ්‍රේණිය සදහා ළමයි ඇතුළත් කරන කර්ථාවයට අදාල පාසල් සංවර්ධන සමිති සාමාජිකයා.. දැන් එයා සිරිමාවෝ එකේ ඒ දේම කරනවා. “