2026 මාර්තු 30 සඳුදා, 13:50
නවතම පුවත්

සාරා ජස්මින් මියගොස් නැති බව තහවුරු වෙයි: අවශ්‍ය ඕනෑම අවස්ථාවක වරෙන්තු ලබා ගැනීමට සූදානම්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකාරියක වන පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගොස් ඇති බවට මීට පෙර පැවති රජය සමයේ තහවුරු කිරීමට උත්සාහ කළද, ඇය තවමත් ජීවතුන් අතර සිටින බවට විමර්ශන අංශ මගින් කරුණු අනාවරණය කරගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඇය ඉන්දියාවේ රැඳී සිටින බවට මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැති වුවද, ඒ පිළිබඳව ඉතා ගැඹුරු විමර්ශන ක්‍රියාත්මක වන බවත්, අවශ්‍ය වුවහොත් ඇය අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් ලබා ගැනීමට රජය පසුබට නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නව රජය යටතේ විශේෂ අවධානයක් යොමු කර තිබෙන්නේ මෙහි පසුපස කිසියම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූවාද යන්න පිළිබඳවයි. විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් ඇතැම් කරුණු සභාගත කළ නොහැකි වුවත්, අවශ්‍ය ඕනෑම මොහොතක අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම්,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා වෙනුවෙන් පිළිතුරු ලබා දෙමින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, විදේශගතව සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ආකාරයටම සාරා ජස්මින් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories