ආසියානු කුසලාන 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අද (දෙසැම්බර් 17) තරග වැදීමට නියමිතය.
ඩුබායිහිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 10.30ට ආරම්භ වීමට නියමිතව තිබේ. මේ වන විට කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා ගනිමින් සම තත්ත්වයේ පසුවන බැවින්, අද තරගයේ ජයග්‍රහණය දෙපාර්ශවයටම ඉතා වැදගත් වේ.
මේ අතර, ආසියානු කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ නේපාලය අතර තවත් තරගයක් ද අද දිනයේ පැවැත්වීමට නියමිතය.