රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, වෛද්‍ය නිර්දේශය අනුව ඊයේ (5) පස්වරුවේ ඔහු රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවය. අධිරුධිර පීඩනය ඇතුළු සෞඛ්‍ය ගැටලු හේතුවෙන් මෙම තීරණය ගත් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
අල්ලස් කොමිසම මගින් පසුගියදා ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේ, අරගලකරුවන් විසින් ගිනි තැබීමෙන් විනාශ වූ මහවැලි ඉඩමක තිබූ තම දේශපාලන කාර්යාලය සඳහා නීතියට පටහැනි ලෙස රුපියල් ලක්ෂ 88යි 50,000ක වන්දි මුදලක් ලබාගත් බවට ඇති චෝදනා සම්බන්ධයෙන්ය.
දූෂණ විරෝධී පනත යටතේ සමාන්තරව ගෙන යන නඩුව 29 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අතර, එහිදී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ මස 12 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග නිකුත් කරන ලදී.