ශ්රී ලංකා හිටපු ක්රිකට් ක්රීඩක රොෂාන් මහානාම පෞද්ගලික හේතුවක් මත ජාතික ක්රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.
රොෂාන් මහානාම මහතා, ශ්රී ලංකා ක්රිකට් ඉතිහාසයේ ප්රමුඛ පෙළේ පිතිකරුවෙකු වශයෙන් කීර්තිමත් වූ අතර, පසුගිය කාලය පුරා ක්රීඩා ක්ෂේත්රයේ විවිධ වගකීම් ද ඉටු කර තිබේ. මෙය ඔහුගේ පෞද්ගලික හේතු සාධකයක් මත ගත් තීරණයක් වන බව සදහන් වේ.