ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෙකු වන මිචෙල් ස්ටාක් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ. ඔහු විස්සයි විස්ස තරග 65ක් තරග කොට ඇති අතර, 2024 ලෝක කුසලානයේදී අවසන් වරට ඕස්ට්‍රේලියාව නියෝජනය කළේය.
ස්ටාක් මෙම තීරණය ගත්තේ 2027 එක්දින ලෝක කුසලානය සහ අරමුණු කර ඇති ඉදිරි ටෙස්ට් තරග මාලාවන් සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දීමට ය. එසේම, පාකිස්තාන මැදපෙළ පිතිකරුවකු වන අසිෆ් අලි ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමේ තීරණය ගෙන ඇත. වයස 33ක අසිෆ් අලි දේශීය ක්‍රිකට් තරගවලට සහ ලොව පුරා පැවැත්වෙන ෆ්රැන්චයිස් ලීග් තරගවලට දිගටම සහභාගි වන බව දන්වා ඇත.