ශ්‍රී ලංකා සංචාරක කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (03) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.00ට සිම්බාබ්වේ දී ආරම්භ වීමට නියමිතය.
දකුණු ආසියානු කුසලාන තරගාවලියට පෙර මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට තරග සූදානමක් වශයෙන් වාසි ගෙන දෙනු ලබන තරගාවලියක් ද වේ. මේ තරග මාලාව තුළින් කණ්ඩායමට නව දක්ෂයන් තේරීමේ අවස්ථාවද ලැබෙනු ඇත. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර මෙතෙක් පැවති විස්සයි විස්ස තරග 6 අතරින් 5ක් ජය ගැනීමට ශ්‍රී ලංකාවය සමත් විය. එක් තරගයක් සිම්බාබ්වේ තරගකරුවන් ජය ගෙන තිබේ.
ශ්‍රී ලංකා සංචිතය ලෙස චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නුවනිඳු ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, කමිල් මිශාර, විශේන් හැළඹගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර, මතීෂ පතිරණ තරග කිරීමට නියමිත ය.
සිම්බාබ්වේ සංචිතය ලෙස සිකන්දර් රාසා (නායක), බ්‍රයන් බෙනට්, රයන් බර්ල්, බ්‍රැඩ් එවන්ස්, ටේරවර් ග්වන්ඩු, ක්ලයිව් මඩන්ඩේ, ටිනොටෙන්ඩා මපෝසා, ටඩිවනෂේ මරුමනි, වෙලින්ටන් මසකඩ්සා, ටෝනි මුන්යොන්ගා, ටසෙන්ගා මුසෙකිවා, බ්ලෙසින්ග් මුසෙරබානි, ඩියොන් මයර්ස්, රිචඩ් නගරාවා, බ්‍රෙන්ඩන් ටේලර්, සීන් විලියම්ස් තරග වැදීමට නියමිත ය.