ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය (Doping) භාවිතයට එරෙහිව පවතින සම්මුතීන්වලට අදාළ සංශෝධන පනත් කෙටුම්පත අද (ඔක්තෝබර් 07) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මෙම පනත සම්මත වීමත් සමඟ ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රීඩක ක්‍රීඩිකාවන් උත්තේජක භාවිතයෙන් වැළැක්වීම සහ ඊට එරෙහිව නීතිමය පියවර ගැනීම තවදුරටත් ශක්තිමත් වනු ඇත.