පොළොන්නරුව ප්‍රදේශයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම නිසා සෝමාවතිය – සුංගාවිල ප්‍රධාන මාර්ගය අද (07) පෙරවරු 8.30 සිට සැහැල්ලු වාහන සඳහා සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.
පොලිසිය සඳහන් කරන පරිදි, මෙම මාර්ගයේ දිග්ගල ප්‍රදේශය මේ වන විට අඩි එකහමාරක් පමණ ජලයෙන් යට වී ඇත. පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බැවින්, නැවත දැනුම් දෙන තුරු මෙම මාර්ගය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
සෝමාවතිය පුදබිම වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් සහ ප්‍රදේශවාසීන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස හෝ ගමනාගමනයෙන් වැළකී සිටින ලෙස වැඩිදුරටත් උපදෙස් දී තිබේ.