ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් නිකුත් කරන ලද 2024 වසරේ දත්තවලට අනුව, මෙරට ජනතාව අතරින් අවම වශයෙන් භාවිත කරන සමාජ මාධ්‍ය ජාලය ලෙස ස්නැප්චැට් (Snapchat) හඳුනාගෙන තිබේ. එහි පරිශීලක සංඛ්‍යාව 4,012,121ක් ලෙස වාර්තා වේ.
එම දත්තවලට අනුව, මෙරට ජංගම දුරකථන පරිශීලකයන් අතර වැඩිම පිරිසක් භාවිත කරන්නේ ෆේස්බුක් (Facebook) වන අතර, එහි පරිශීලක සංඛ්‍යාව 13,100,412කි. ඊට අමතරව යූටියුබ් (YouTube) පරිශීලකයන් 14,528,371ක්ද, වට්ස්ඇප් (WhatsApp) පරිශීලකයන් 14,928,520ක්ද සිටින බව සඳහන් වේ. වයිබර් (Viber) පරිශීලක සංඛ්‍යාව 6,068,833කි.
තවද, ටික්ටොක් (TikTok) පරිශීලකයන් 15,507,052ක්ද, ඉමෝ (imo) පරිශීලකයන් 7,662,817ක්ද, සහ ඉන්ස්ටග්‍රෑම් (Instagram) පරිශීලකයන් 8,470,698ක්ද මෙරට සිටින බව TRCSL වාර්තාව පෙන්වා දෙයි. මෙම දත්ත මගින් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතයේ ප්රවණතා පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා දෙයි