එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින දුරස්ථභාවය නැති කරමින්, එකමුතුව ක්‍රියා කිරීම වෙනුවෙන් කැප වී සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන කමිටුවේ සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂය සහභාගී වන බවත්, අනෙකුත් දේශපාලන පක්ෂ සමඟද සිය පක්ෂය සාකච්ඡා කළ යුතුව පවතින බවත් එම නිවේදනයේ සඳහන් වේ.
තවද, පක්ෂ දෙක අතර සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාවට ද ඔවුන් එකඟත්වය පළ කර ඇති අතර, සමගි ජන බලවේගය මෑතකදී කළ ප්‍රකාශත්, එක්සත් ජාතික පක්ෂයේ මූලික අරමුණත් සලකා බලා ඉදිරි වැඩසටහන් සකස් කළ හැකි බවද වැඩිදුරටත් දැනුම් දී තිබේ.