2026 මාර්තු 27 සිකුරාදා, 21:34
නවතම පුවත්

අඩු කොමිස් මුදල නිසා ෂෙඩ් වැසීමේ අවදානමක්

තමන්ට ලැබෙන 1.75%ක කොමිස් මුදල පිරවුම්හල් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේදී ඉන්ධන පිරවුම්හල් වසා දැමීමට සිදුවනු ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අනතුරු අඟවයි.

සංගමය පවසන්නේ, ඉන්ධන පිරවුම්හල් නඩත්තු කිරීමට සහ සේවක වැටුප් ගෙවීමට වත්මන් කොමිස් මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි. බෙදුම්කරුවන්ට ලැබෙන කොමිස් මුදල ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය වන අතර, සියලු මූල්‍ය හා පරිපාලන වියදම්, සේවක වැටුප් සහ අගය එකතු කළ බදු (වැට්) ආදී සියලු බැඳීම් සපුරාලිය යුත්තේ එමගින් බව ඔවුහු පෙන්වා දෙති.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් කොමිස් මුදල අඩු කිරීම බොහෝ ඉන්ධන පිරවුම්හල් ව්‍යාපාරවලට දැඩි බලපෑමක් ඇති කර ඇති බවද ඔවුහු අවධාරණය කරති.

මෙම තත්ත්වය CPC වෙත පැහැදිලි කිරීමට උත්සාහ කළද, ඔවුන් එය වටහා ගැනීමට උනන්දුවක් නොදැක්වූ බව සංගමයේ සාමාජිකයෙක් පැවසීය.

ඒ අනුව, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරිය වෙත ලිපි යොමු කර ඇත.

බෙදුම්කරුවන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, CPC සහ අනෙකුත් සැපයුම්කරුවන් රජය විසින් නියම කරන ලද උපරිම සිල්ලර මිලට නිෂ්පාදන අලෙවි කළද, CPC සිය තරගකරුවන්ට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අඩු කොමිස් මුදලක් ගෙවන බවයි. එමගින්, ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ වියදමින් CPC දැවැන්ත ලාභ උපයන බවට ඔවුහු චෝදනා කරති.

එබැවින්, වත්මන් කොමිස් ව්‍යුහය නැවත සලකා බලා නිවැරැදි කරන ලෙසට හෝ තරගකාරී ඛනිජ තෙල් සැපයුම්කරුවන් සමග පෙළගැසීමට ඉන්ධන පිරවුම්හල් හිමියන්ට අවසර දෙන ලෙසට ඔවුන් රජයෙන් ඉල්ලා සිටී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories