පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ඇප මත මුදාහරින ලෙස ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඔහු විසින්ම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
අදාළ පෙත්සම අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවිණි.
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා ලබා දුන් උපදෙස් අනුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව ප්‍රකාශ කළේය.
ඒ අනුව විනිසුරුවරයා අදාළ ඉල්ලීම පිළිගෙන පෙත්සම අස්කර ගැනීමට අවසර දී, එය නිෂ්ප්‍රභා කරන ලෙස නියම කළේය.