2006 වසරේ කොළඹ යුධ හමුදා මූලස්ථානය තුළදී, එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට, ඔහු ඝාතනය කිරීමට තැත් කළේ යැයි චෝදනා මත විභාග වෙමින් පවතින නඩුව අද කැදවූ අවස්ථාවේ නඩුව අගෝස්තු 04 වෙනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
අද දින කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ නඩු විභාගය කැඳවූ අවස්ථාවේදී, අද දින සාක්ෂි දීමට නියමිතව සිටි සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, මෙම නඩුවේ සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක අධිකරණයෙන් ඉල්ලා සිටියාය.