2026 මාර්තු 25 බදාදා, 06:00
නවතම පුවත්

ජගත් විදු දිනය සහ සම්මාන උළෙල කොළඹදී

ජාතික විද්‍යා පදනම (NSF) සංවිධානය කළ ජගත් විදු දිනය (World Science Day for Peace and Development) සහ විද්‍යාව ප්‍රචලිත කිරීම සඳහා වන සම්මාන ප්‍රදානෝත්සවය 2025 නොවැම්බර් 04 වන දින කොළඹදී සාර්ථකව පවත්වන ලදී.

ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අනේනේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය “තිරසර සංවර්ධනය සඳහා සාම්ප්‍රදායික දැනුමෙන් ආභාෂය ලැබූ තාක්ෂණය” යන තේමාව යටතේ පැවැත්විණි.

  • මෙම අවස්ථාවට අමාත්‍යවරයාට අමතරව එම අමාත්‍යාංශයේ ලේකම් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික විද්‍යා පදනමෙහි සභාපති වෛද්‍ය සුදත් සමරවීර, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නේපාලිකා සුදසිංහ, අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්, විද්‍යාඥයින්, මාධ්‍යවේදීන් සහ සම්මානලාභී සිසු සිසුවියන් ඇතුළු 750ක පමණ පිරිසක් සහභාගී වූහ.
  • ඊට අමතරව ගුරුවරුන් සහ සිසුන් ඇතුළුව 1,000ක පමණ පිරිසක් මාර්ගගත සජීවී විකාශය නරඹා තිබුණි.
  • සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව පිළිබඳ අවබෝධයක් ඇති කිරීම මෙම වාර්ෂික උත්සවයේ ප්‍රධාන අරමුණ වී ඇත. NSF ආයතනය 2002 සිට නොවැම්බර් 10 වන දින යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කරන ලද ජගත් විදු දිනය අඛණ්ඩව සමරයි.

ශ්‍රී ලාංකීය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීමෙහිලා පාසල් සිසු සිසුවියන්ගේ සහ ගුරුභවතුන්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ අගයමින්, ජාතික මට්ටමින් පවත්වන ලද විද්‍යා තරඟවල විශිෂ්ටත්වය දැක්වූ ජයග්‍රාහකයින් 290 දෙනෙකුට මෙහිදී සම්මාන පිරිනැමිණි.

සම්මාන පිරිනැමූ තරඟ කාණ්ඩ පහත දැක්වේ:

  • විද්‍යා පර්යේෂණ ව්‍යාපෘති තරඟය – 2024 (සම්මාන 37)
  • ළමා පරිසරවේදියා වැඩසටහන – 2024 (සම්මාන 60)
  • පාසල් විද්‍යා තරඟ – 2025 (සම්මාන 187)
  • විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා ගුරුවරුන් නවත දිනන සම්මානය – 2025 (සම්මාන 8)
  • ජාතික විද්‍යා පදනම සමග සම්බන්ධ ක්‍රියාකාරී පාසල් විද්‍යා සමාජවල තරු ශ්‍රේණිගත කිරීම – 2025 (සම්මාන 3)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ වන විද්‍යා හා පරිසර විද්‍යා මහාචාර්ය හිරාන් අමරනේකර මහතා විසින් මෙහිදී ප්‍රධාන දේශනය පවත්වන ලදී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories