සම්පත් මනම්පේරිව දින 90ක් රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ඇති බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය අද (26) වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
මෙම අවසරය ලබා දී ඇත්තේ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමතීන්ට අදාළවයි. මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවට සැකකරන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීම සම්බන්ධයෙන් ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.