විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට (PUCSL) තමන් ස්තුතිවන්ත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක සඳහන් වන්නේ, මහජන උපයෝගිතා කොමිසම විසින් ජනතාව ගැන සිතා, රජය විසින් ඉදිරිපත් කරන ලද 6.8% ක ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි.
තවද, ආණ්ඩුව මැතිවරණයේදී පොරොන්දු වූ ආකාරයට, ඉදිරි දින කිහිපය තුළදී 33% කින් විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳව ද සලකා බලන ලෙස ඒ මහතා මහජන උපයෝගිතා කොමිසම වෙත ඉල්ලීමක් කර තිබේ.