ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
එහි සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් මෙම මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් ය.
ඊයේ (ඔක්තෝබර් 21) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධන ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
අදාළ ගැසට් නිවේදනයට අනුව නියම කර ඇති උපරිම සිල්ලර මිල ගණන් පහත පරිදි වේ:
- ආනයනික කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල: රුපියල් 210
- ආනයනික නාඩු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල: රුපියල් 220
- ආනයනික සම්මා කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල: රුපියල් 230
- ආනයනික පොන්නි සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල: රුපියල් 240
- ආනයනික කීරි පොන්නි සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල: රුපියල් 255