දේශීය රතු කැකුළු සහ සම්බා සහල් පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නපුර නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලක් වරද පිළිගෙන තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ සුපිරි වෙළෙඳසැල් හිමියාට රුපියල් 500,000ක (ලක්ෂ 5ක) දඩ මුදලක් නියම කර ඇති බවයි.
මීට අමතරව, කිරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නපුර නගරයේ තොග වෙළඳසැලකට රුපියල් 200,000ක දඩ මුදලක් ද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියම කර ඇත.
තවද, පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් අනුව පොලිතින් බහාලුම් මලු (සිලි සිලි මලු) සඳහා මුදල් අය නොකර ලබාදීම සම්බන්ධයෙන් වරද පිළිගත් ව්‍යාපාරිකයෙකුට ද රුපියල් 10,000ක දඩ මුදලක් නියම කර තිබේ.