කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, රත්තාගල ප්‍රදේශයේ සහ හැටන්හි රොසැල්ල මාණික්කාවත්ත ජනපදයේ පවතින නාය යෑම් අවදානමක් හේතුවෙන් එහි සිටි පවුල් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
- රුවන්වැල්ල, රත්තාගල: මෙම ප්‍රදේශයේ පවුල් 11ක් ඉවත් කර රත්තාගල ප්‍රාථමික විද්‍යාලය වෙත යොමු කර ඇත.
- හැටන්, රොසැල්ල මාණික්කාවත්ත: මෙම ජනපදයේ සිටි පවුල් 13ක පුද්ගලයින් 50 දෙනෙකු ඉවත් කර වැලිඔය දමිළ මහා විද්‍යාලය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.