උඩදුම්බර මැදමහනුවර ගලේකැලේ ප්රදේශයේ රොටී කඩයකදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන්, එහි සිටි කාන්තාවන් සිව්දෙනෙකුට සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකුට පිහි ප්රහාරයක් එල්ල කර තිබේ.
මේ හේතුවෙන් බරපතළ තුවාල ලද එම තුවාලකරුවන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
අද (නොවැම්බර් 14) දහවල් ඇතිවූ මෙම සිද්ධියෙන් පසු පිහි ප්රහාරය එල්ල කළ 33 හැවිරිදි සැකකරු ප්රදේශවාසීන්ගේ සහාය මත උඩදුම්බර පොලීසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.