පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ රිය අනතුරුවල වැඩිවීමක් ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
නොසැලකිලිමත් රිය ධාවනය, අධික වේගය සහ මාර්ගවල පවතින දුර්වලතා මෙම තත්ත්වයට හේතු බව එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේය.
රිය අනතුරු හේතුවෙන් වසරකට පුද්ගලයින් 6,000ත් 8,000ත් අතර සංඛ්‍යාවක් ආබාධිත වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පෙන්වා දෙයි.
මේ අතර, මාතර, තිස්ස ප්‍රධාන මාර්ගයේ හුංගම කිවුල මංසන්ධියේදී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබේ. බස් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ එම අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 43කි.
එමෙන්ම, පසුගිය 10 වැනිදා තලාව ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර මාර්ගයට නොගැලපෙන වේගයකින් ගමන් කිරීම හේතුවෙන් සිදුව ඇතැයි අනාවරණය වී තිබේ. එම අනතුරින් 17 හැවිරිදි පාසල් සිසුවෙකු මිය ගිය අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 46කි.