රුපියල් කෝටි 4කට අධික වත්කම් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යාංශ ලේකම් සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද දින නියෝග කළේය.
අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් අතර, පසුව පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක (රු. 40,600,000) මුදලක් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.