දිවයිනේ දිස්ත්රික්ක 5ක් සඳහා නාය යෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නිකුත් කර තිබේ.
අද (දෙසැම්බර් 05) සවස 4ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, තවත් දිස්ත්රික්ක 3ක් සඳහා නාය යෑම් අවදානම් නිවේදන (ඇම්බර්) නිකුත් කර ඇත.
රතු නිවේදනය මගින් දෙන උපදෙස්:
පසුගිය පැය 24 තුළ මිලිමීටර් 150ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පහත සඳහන් අනතුරුදායක තත්ත්වයන්ගෙන් ඉවත්ව කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස දැනුම් දී සිටී:
- බෑවුම් කඩා වැටීම්
- ගල් පෙරළීම්
- පොළොව ගිලා බැසීම්
- පස් කණ්ඩි කඩා වැටීම්