ශ්රී ලංකාවේ අටවන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහි නඩුව අද (29) යළි කැඳවීමට නියමිත ව තිබේ.
පසුගිය අගෝස්තු 22 වැනි දා මෙම නඩුවට අදාළ ව හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, පසුව ඔහුගේ අසනීප තත්ත්වයන් සලකා බලා අගෝස්තු 27 වැනි දා ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණ.
රජයේ මුදල් වැය කරමින් ලන්ඩනයේ පෞද්ගලික සංචාරයක නිරත වූ බවත්, මෙහිදී රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් අවභාවිතාවක් සිදු වී ඇති බවට පොදු දේපළ පනත යටතේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට චෝදනා එල්ල වී තිබේ.
රනිල් වික්රමසිංහ මහතාට ඇප ලබා ගැනීම සඳහා දැඩි පරිශ්රමයක් දැරීමට සිදු වූ අතර, එය උත්සවශ්රීයෙන් සැමරීමට ද පාක්ෂිකයින් විසින් කටයුතු කරන ලදී.