කොත්මලේ ප්රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ගම්පොළ – නුවරඑළිය ප්රධාන මාර්ගයේ රම්බොඩ ගැරඬි ඇල්ලේ සිට නුවරඑළිය ලබුකැලේ කොණ්ඩගල දක්වා මාර්ගයේ නාය ගිය ස්ථානවල මාර්ගය යළි අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා යුද හමුදා බට පිරිස් ඊයේ (දෙසැම්බර් 03) දින නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
නාය ගිය ස්ථාන මඟහැර අලුතින් වෙනත් ස්ථානයකින් මාර්ගය ඉදි කිරීම සම්බන්ධයෙන් ගුවන් ඡායාරූප ලබා ගැනීම සඳහා එම බට පිරිස් ගමන් කරනු ලැබූහ.
මෙම මාර්ග කොටස සම්පූර්ණයෙන්ම නාය ගොස් ඇති බැවින්, දැනට තිබූ මාර්ගය පිළිසකර කිරීමට වඩා නව මාර්ගයක් තැනීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.