රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය පසුගියදා ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය, අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්ර කර ඇති බව වාර්තා වෙයි.
විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයා පත්කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට අවුලෙන් වියවුලට පත්කර ඇති බවට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් චෝදනා කරයි.
එයට විරෝධය පා ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය, වත්මන් වැඩ බලන උපකුලපතිවරයාගේ සහ ලේඛකාධිකාරිතුමියගේ “අත්තනෝමතික, අනීතික සහ විනය විරෝධී වැඩපිළිවෙලට” ප්‍රතිචාර වශයෙන් අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්ර කළ බව රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය පවසයි.
වත්මන් වැඩ බලන උපකුලපතිවරයා සහ ලේඛකාධිකාරීවරිය විශ්වවිද්‍යාලීය පාලක සභාවේ තදබල විරෝධය ද නොතකා, අලුතෙන් උපකුලපති තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට පුවත්පත් දැන්වීමක් පළ කර ඇති බව එම සංගමය වැඩිදුරටත් පවසයි.
මෙම අත්තනෝමතික සහ අනීතික පරිපාලන ක්‍රියාවලිය ඇතුළු පසුගිය මාස කීපය තුළ සිදුවූ විවිධ දේශපාලන අතපෙවීම් පිටුපස වැඩබලන උපකුලපතිවරයා සිටින බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් චෝදනා කරයි.