දිවයිනට බලපා ඇති ඊශානදිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9, 10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා පවසා සිටියේ, මෙම කාලයේ දී සුළඟේ වේගය ද වැඩි වන බවය.
- උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙම ඊශානදිග මෝසම් කාලගුණය සක්‍රීය වීම හේතුවෙන් දෙසැම්බර් 9 වනදායින් පසුව වර්ෂාපතනය වැඩි විය හැකිය.
- මෙම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, මිලිමීටර් 75 හෝ 100ක පමණ වැසි ඇති විය හැකි බව ද ඒ මහතා පැවසීය.
- අනෙකුත් පළාත්වලට, විශේෂයෙන්ම නිරිතදිග කොටසට මෙම කාලසීමාව තුළ ගිගුරුම් සහිත වැසි නොමැති වුවත්, වැසි ඇති විය හැකිය.
- ලංකාවට ගිනිකොණ දිශාවෙන් වූ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් පවතින බවත්, එය ඊශානදිග මෝසමේ සක්‍රීයභාවයට හේතු වී ඇති බවත් කරුණානායක මහතා සඳහන් කළේය.
- බෙංගාල බොක්කේ ඇතිවන මෙම කැලඹිලි ස්වභාවය අන්දමන් දූපත් ආසන්නයේ පවතින බැවින්, දෙසැම්බර් 9 වනදායින් පසුව මුහුද රළු විය හැකිය.
- ධීවරයින් හා නාවිකයින් මේ පිළිබඳ ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ඔහු ඉල්ලා සිටියේය.