පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් පසුගිය සතිය තුළ පමණක් සහල් වෙළඳාම සම්බන්ධව වැටලීම් 70ක් සිදු කර ඇති බව නිවේදනය කරයි. මෙම දැඩි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ වෙළෙඳපොළ විධිමත් කිරීමට සහ පාරිභෝගිකයන්ට සහල් සාධාරණ මිලකට ලබා දීම සහතික කිරීමේ අරමුණෙනි.
මෙම වැටලීම් අතරින් 55ක් සහල් අලෙවි කිරීම පිළිබඳ වූ අතර, ඉතිරි 15 වෙනත් වැරදි සම්බන්ධයෙන් සිදු කර ඇත.
සහල් සඟවා තබා ගැනීම, මිල ගණන් ප්‍රදර්ශනය නොකිරීම සහ සහල් අලෙවි කිරීම සඳහා අසාධාරණ කොන්දේසි පැනවීම වැනි වැරදි මෙම වැටලීම්වලදී ප්‍රධාන වශයෙන් හඳුනාගෙන තිබේ. සහල් වෙළඳපොළේ අක්‍රමිකතා වැළැක්වීම සඳහා මෙම වැටලීම් ඉදිරියටත් අඛණ්ඩව සිදු කරන බව අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.