ගුරුවරුන්ට දරුවන්ට සද්භාවයෙන් දඬුවම් කිරීමට තිබූ අවස්ථාවන් ද අහිමි කරමින් දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත පිළිබඳ විවාදය හෙට (24) පැවැත්වීමට නියමිතය.
මෙම සංශෝධනයට අනුව ශාරීරික දඬුවම් පමණක් නොව, වාචිකව කරන ප්‍රකාශ පවා අභියෝගයට ලක් කළ හැකි බවට අවධාරණය වේ.
ඊට අනුමැතිය ලබා ගැනීම සඳහා රාජ්‍ය පාලන, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේ විපක්ෂය තම සංශෝධනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව දන්වා තිබුණි.
ඉන් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා විසින් සකස් කළ සංශෝධනය දැනටමත් කතානායකවරයා වෙත භාරදී ඇත.
එහෙත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, හෙට විවාදය පැවැත්වුණද, සම්මත කිරීම සඳහා කඩිනම් තීරණයක් නොගෙන හැකි බවයි.